පෙ.ව. 9.00 - අනර්ඝ නාම පුවරුවක්. " සිරි ලංකා පොලෝසිය". ගාම්භීරයි... උත්කෘෂ්ටයි... ඇඟේ මයිල් කෙලින් වෙනව...
දොරකඩම මේසයක්.... ඒක තනි කුනු ගොඩක්...
තේජාන්විත නිලදරුවෙක්... හැබැයි නිදිමත පාටයි....
මම බලා සිටිමි...
පෙ.ව. 9.10 - " ඇයි ? " රළු හඬක්.
" පැමිනිලි ලියන්නෙ කොතනද ?.. "
"පැමිනිලි ලියන්නෙ.... ම්ම්ම්... මෙතන තමයි.. වාඩිවෙලා ඉන්න... "
මම බලා සිටිමි....
පෙ.ව. 9.20 - ගොඩක් කාර්යබහුලයි වගේ. හැමෝම වැඩ. එහෙ දුවනව මෙහෙ දුවනව... කිහිල්ලෙ ගහගත්ත ෆයිල් මිටි, ලොකු පොත් සහ තව බොහෝ දෑ....
කාකි ඇඳුම හරි හැඩයි නෙ.. පිත්තල බොත්තම් දිලිසෙනව, තරු ගොඩායි.... .... ඒ විතරක්ද ?? දිලිසෙන තට්ටය, ලොකු බඩගෙඩිය, බුරුසුවක් වගේ උඩු රැවුල.... හරිම තේජාන්විතයි...
හරිම හැඩයි, සුකොමලයි... අංගනාවො...
තරුණ අය සිහින් ය... වයසට යත්ම තරබාරු වේ...
උන් එහා මෙහා යන විට නිදිමතේ ඉන්න මහත අංකල්ලාගේ ඇස්ගෙඩි ලොකු වෙයි..
එකියක්, අලුතින් සේවයට ආ සෙයකි... දනහිස දක්වා එසවුනු මේස්... දිලිසෙන සපත්තු... පිලිවෙලට පීරූ කොන්ඩය... කෙසඟ සිරුර....
ලතාවට පැමින මේසයක් ලඟ නතර වෙයි... " අයියට බිබික්කන් ඕන ද.. ? "
( අයියා කිව්වාට ඒ මනුස්සයට මේ ලමයගෙ වයසෙ දුවලත් ඉන්නව ඇති. එපා කියයි කියල තමයි බය )
දෙදෙනා සතුටින් බිබික්කන් කයි.
මම බලා සිටිමි...
පෙ.ව. 9.30 - ප්‍රීති වෙසක් සැමරූ තරුණයන් කීප දෙනෙක් පෙර දින රාත්‍රියේ මෙහි නවාතැන් ගෙන ඇත. ඔවුන්ට සෑහෙන්න සලකා ඇති බව පෙනේ. " ප්‍රීති වෙසක් !!! "
මම බලා සිටිමි...
පෙ.ව. 9. 40 - මෙහෙ හුදී ජනයාට සෑහෙන ප්‍රශ්න, බාධක, කම්කටොලු ඇත. මා අද පැමින ඇත්තේ ඒවාට පිලියම් යොදන සුරපුරයකට ! ! !
ගැබිනියක් පැමිනෙයි. තවත් මිනිහෙක් ඇය සමග.
( මුල ටික මට හරියට අහුනේ නැත )
ඇය :- "අනේ සර්, මේ මිනිහ බොරු කියන්නෙ "
ඔහු :- " පිස්සුද සර්, මෙයා දීපු චෙක් දෙකම රිටර්න් උනා.. මට කොහොමහරි මගේ සල්ලි ඕන."
නිලදරුවා :- " පැමිනිල්ලක් දාන එක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ.. ඔය බඩේ ඉන්න දරුව ගැන හිතල වැඩ කරනව..."
ඇය :- " ඒක තමයි සර්... "
( ඒක තමයි නම් මොකටද යකෝ මෙහෙ ආවෙ ?? )
ඔවුන් මොහොතකට එලියට යයි...ගැහැනියක් හා පිරිමියෙක් බැනගන්නා හඬ ඇසෙයි...
මම බලා සිටිමි...
පෙ.ව. 9 .45- ට්‍රීං... ට්‍රීං.... දුරකතනය නාද වෙයි...
" සිරි ලංකා පොලෝසිය. ( කොට්ටාශයේ නම ) "
.......
" ආහ්... අක්කෙ, ඉතින් කොහොමද??? "
.......
" එන්න බැරි උනා අක්කෙ, වැඩ ගොඩ ගැහිල..."
........
" අම්මට ටිකක් අසනීප උනා නෙ.. දැන් හොඳයි"
.......
......
" හැමෝම මතක් කරා කියන්න, අපි එන්නම්කො ඉඩ තියෙන වෙලාවක"
........
........
මම බලා සිටිමි.
පෙ.ව. 9. 50 - " ඔයා ආවෙ පැමිනිල්ලක් දාන්න නේද ? එන්න... "
( පුටුවේ සනීපය නිසා මගේ පශ්චාත් භාගය හිරි වැටී ඇත )
මාගේ ශෝකාලාපය අසා සිටි කාන්තාව එය විශාල පොතක සටහන් කරගන්නා ලදී...
" ඔයාට මේකෙ ලෙටර් එක ගන්න පුලුවන් තව දවස් තුනකින් එන්න.. "
( මම අදහස් දක්වන්නේ නැත )
කොහේදෝ සිට පැමිනි තවත් කාන්තාවක් " කමක් නෑ, දැන් එන්න. ලියුම දෙන්නම් "
වාසනාවක මහත...
මම ඇගේ පසුපස ගියෙමි. විශාල කුටියක් තුලට මා කැඳවාගත් ඇය සියලු විස්තර අසා
" එලියෙන් වාඩි වෙලා ඉන්න. තව ටිකකින් දෙන්නම්" කීවාය.
මම බලා සිටිමි.
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.... !
" සර්, මම මිනිහෙක්ට සල්ලි වගයක් දුන්න ණයට. මිනිහ ආපහු දෙන්නෙ නෑ. ඊයෙ මගුල් ගෙදරකදි හම්බවෙලා මම සල්ලි ඉල්ලුවම මිනිහ මට ගැහුව. "
" දැන් පැමිනිල්ල දාන්නෙ ගහපු එකටද ? සල්ලි දෙන්නෙ නැති එකටද ?? " බුද්ධිමත් නිලදරුවා විමසයි.
( මම හිනා විය යුත්තේ කොහෙන්ද කියා සිතා ගත නොහැකිව අසරන වීමි )
මම බලා සිටිමි
පෙ.ව. 10.05 - හදිසියෙන් මා වෙත පැමිනි ස්ත්‍රයක් " මේ... ඔයා නේද ලියුමක් ගන්න ඉන්නෙ ? "
" ඔව් "
" ආහ්, මෙන්න ඔයාගෙ ලියුම... "
" බොහොම ස්තුතියි "
මම සතුටින් ආපසු ඒමට සැරසුනෙමි.
මා දුටු දසුනින් ඇති වූ ප්‍රීතිය පැවසීමට වදන් නැත. අප වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මාමලාගේ සහ නැන්දලාගේ කැපවීම කොතෙක්ද යන්න මට මනාව පසක් විය....
" නෝටිස් බෝඩ් " කියා තඩි අකුරෙන් කොටා තිබෙන ලෑල්ලක මෙසේ සටහන් වී තිබුනි.
" ඔබ පැමිනි කාරණය මිනිත්තු දහයක් තුල ඉටු නොවන්නේ නම් ස්ථානාධිපති හමුවන්න... "
පිනා ගිය ප්‍රීතියෙන් යුතුව නිවසට පැමිනියෙමි.මක්නිසාද යත් මෙය ආසියාවේ දකුනු කොනේ ආශ්චර්ය වන දිනය වැඩි ඈතක නොවන බැවිනි
21/5/2011